සමාජ මාධ්‍යයේ බලපෑම
සමාජ මාධ්‍ය යනු එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා, ක‍්‍රියාකාරකම් ජීවිත සම්බන්ධතා වැනි දෑ අනෙකුත් ජනතාව සමඟ හුවමාරු කිරීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල වේදිකාව ”සමාජ මාධ්‍ය” නමින් හදුන්වනු ලැබේ. එහිදී සමාජ මාධ්‍ය යන්න විවිධාකාරයෙන් අර්ථ දක්වා තිබේ. එනම්,
"සමාජ මාධ්‍ය යනු යටත් ප‍්‍රජාවන් සහ ජාලයන් හරහා තොරතුරු, අදහස්, වෘත්තීය අවශ්‍යතා සහ වෙනත් ප‍්‍රකාශන නිර්මාණය කිරීමට හෝ බෙදා ගැනීමට පහසුකම් සපයන අන්තර්ක‍්‍රියාකාරී තාක්ෂණයන්ය."
"Structured as personal (or egocentric)networks,
with the individual at the center of their own
Community " (Boyd &Ellison,2008)
අද වන විට මෙය හරහා ඩිජිටල් ෆොටෝ, වීඩියෝ, අදහස්, තොරතුරු, පිංතූර හුවමාරු වීම් සිදුවන අතර සැබෑ ලෝකයේ ක‍්‍රියාකාරකම් සහ සිදුවීම් ගැන අන් අයට එම මොහොතේම දැනුම් දීමට මෙමගින් ඉඩ හසර විවරවී ඇත.
වර්තමානය වන විට සමාජ මාධ්‍ය හරහා ක‍්‍රියාත්මක වන පෞද්ගලික ගිණුම් ප‍්‍රමාණය බිලියන ගණනකි. ඒ හරහා විවිධ ක‍්‍රියාකාරකම් සිදු වන අතර මේවා අතර තරගයක්ද එනිසාම නිර්මාණය වී ඇත. අන්තර්ජාල සේවාවන්ගේ ව්‍යාප්තියත් සමඟ ඉතාම මෑතකදී නිර්මාණය වූ සමාජ ජාල වෙබ් අඩවි විශාල ප‍්‍රමාණයක් දක්නට ලැබේ. එනම් Facebook,Twitter,Whatsapp,Imo,YouTube ඉන් කිහිපයකි.
මෙම සමාජ ජාලා අතර "මුහුණුපොත" නැතහොත් Facebook ප‍්‍රධානතම සමාජ ජාලය බවට පත් වී ඇති අතර 2004 වසරේ ආරම්භ කරන ලද මෙය වටා ලෝකයේ මිලියන 1600 කට වඩා පිරිසක් එකතු වී ඇත. පුද්ගලයින්ගේ තනිකම, හැගීම් වැනි දෑ සමාජ ජාල භාවිතා කරන්නට තෙරපුමක් ඇති කරන අතර මේ හරහා මානසික පීඩනයද ඉහළ මට්ටමකට පත්වීමේ ඉඩ කඩ ඇති බවට පරීක්ෂණ මගින් හෙළිදරව් වී ඇත. අද වන විට ස්මාර්ට් ජංගම දුරකතන හරහා සමාජ ජාලා භාවිතා කරන පිරිස ඉහළ යමින් ඇති අතර අප රටේ සමස්ත ජනගහනයෙන් 10% ක් 2014 වන විට මුහුණු පොත භාවිතා කරන්නන් බවට පත් වී ඇත. මාක් සකර්බර්ග් විසින් ආරම්භ කළ මෙය භාවිතා කරන වයස් කාණ්ඩ සැලකීමේදී,
වයස
18 - 24 41%
25 - 34 33%
වන අතර 18 - 34 වයස් පරාසයන් තුළ 74% ක් මුහුණු පොත භාවිතා කරනු ලැබේ. සමාජ බලපෑමක් සිදු කළ හැකි මාධ්‍යයක් බවට සමාජ ජාල පත්වීමට මෙම තරුණ පරපුර අතර Facebook ප‍්‍රචලිත වීම හේතු වී ඇති බව මින් පැහැදිලිය.Social media stats in srilanka - 2019
එවන් විලියම්ස්, බිස් ස්ට්‍රොන් විසින් ආරම්භ කරන ලද "Twitter" සමාජ ජාලය තවත් බොහෝ පිරිසක් භාවිතා කරනු ලබන සමාජ ජාලයකි. "ට්වීට්ස්" නමින් හැදින්වෙන අකුරු 40 ක් පමණ සමන්විත කෙටි පණිවිඩ සේවාවක් ක‍්‍රියාත්මක, මෙහි දිනපතා මිලියන 100 ක ජනතාවක් මිලියන 340 ක් පමණ පණිවිඩ දිනකට යොමු කරනු ලබන සමාජ ජාලයකි.
වත්මන් පරම්පරාවේ බහුලව භාවිතා වන වයිබර් 2010.12.02 දින ටල්මන් මාකෝ, ඉගෝ මැගසනික් විසින් ආරම්භ කරන ලද අතර වීඩියෝ, ෆොටෝ තවත් අය සමග හුවමාරු කර ගැනීමට හා වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට භාවිතා කරනු ලබන ඉතා ඉක්මනින් වර්ධනය වන සමාජ ජාලයකි.
2009 වසරේ බ‍්‍රයන් ඇග්සන් හා ජෑන් කොවුම් විසින් ආරම්භ කරන ලද වට්ස් ඇප් කෙටි පණිවිඩ, වීඩියෝ, ෆොටෝ හුවමාරු කීරීමට හා වීඩියෝ ඇමතුම් ලබා ගත හැකි තවත් සමාජ ජාලයකි. මේ අද වන විට බහුලව භාවිතා කරනු ලබන සමාජ ජාල කිහිපයක් පමණි. තවත් මෙවැනි අති විශාල ප‍්‍රමාණයක් අන්තර්ජාලය හා එක්වී ඇති අතර මේවා හරහා ටි‍්‍රලියන ගණනක් මිනිසුන් එක් පවුලක් මෙන් එකට බැදී ඇත.
සමාජ ජාල දැනුම වැඩිකර ගැනීමට මෙන්ම සමාජ විරෝධී ක‍්‍රියා සදහා ද භාවිතා කිරීම පෙනෙන්නට ඇත. විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම උදෙසා ආරම්භ කරන ලද සමාජ ජාල බොහොමයකි. ඉන් සමහරක් නවීන විද්‍යාත්මක දැනුම සියලූ දෙනා අතර බෙදා හැරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා වන අතර යම් සමාජ ජාල හරහා සාම්ප‍්‍රදායික පංති කාමර පරිසරය තුළ ලබා දෙන ඉගැන්වීම වෙනස් කිරීමට, ඉංග‍්‍රීසි අධ්‍යාපනයට පමණක්ම වෙන්වූ සමාජ ජාල මගින් ඉංග‍්‍රීසි අධ්‍යාපනය දියුණු කර ගැනීමට, ඉගැන්වීම් ක‍්‍රමය වඩා රසවත් කිරීමට මෙය යොදා ගනී. කෙටියෙන්ම පැවසුවහොත් සමාජ ජාල ටනු සේවා පර්යේෂණ ජාල එසේ නැතහොත් ඉගැනුම් ජාල බවට පත්කරගත හැකිය.
නමුත් අද වන විට සිදුවී ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් දෙයකි. ඉගැනුම් ජාල බවට පත් කර ගත හැකි සමාජ ජාල ඉගැනුම් අවහිර කර ගැනීමට පිටුවහලක් කරගෙන ඇත. කාලය නාස්ති කිරීමේ මාධ්‍යයක්, පෞද්ගලිකත්වය නැති කර ගැනීමේ මාධ්‍යයක්, පාසල් පරිගණක විද්‍යාගාර වෙතින් ඉවත් වීමට මාධ්‍යයක් බවට පත් කරගෙන ඇත. එම නිසා සමහර රටවල පාසල් තුළ සමාජ ජාල තහනම් කිරීමට හෝ සීමා සහිත කිරීමට කටයුතු කර ඇත.
සමාජ ජාල සේවාවන් නිසා පෞද්ගලිකත්වයට සිදුවන ගැටලූ හා ලිංගික විලෝපිකයන්ගෙන් සිදුවන තර්ජන නිසා මේ සදහා පරිශිලකයින් යොමු වීම අඩුවීමට හේතූන් ඇති බව පැහැදිලිය. තවත් කරුණක් වන්නේ පෞද්ගලික තොරතුරු නිසි පරිදි ආරක්ෂා වන ලෙස නොතැබීම නිසා තෙවැනි පාර්ශවයක් අතට පත්වීමෙන් සිදුවන අනතුරුය. ළමයින් සමාජ ජාල හරහා පරිගණක ක‍්‍රීඩා වෙත යොමු වීම නව යොමුන් වියේ තරුණියන් කාමාතුරයින් අතට පත්වීමේ ඉඩකඩ නිසාද තවත් සමාජ ප‍්‍රශ්නයක් මතු වෙමින් ඇත.
අද වන විට පවතින මෙම වෙළඳ පොළ ආර්ථික ක‍්‍රමය අනුව තවත් ලාභදායී ලෙස සූරාකෑම සිදු කළ හැකි මාධ්‍යයක් බවට සමාජ මාධ්‍ය පත්කර ගැනීමට ඉහළ පෙලේ සමාගම් හිමිකරුවන් කටයුතු සිදුකොට ඇත. අප සමාජ ජාල වල රැදී සිටින කාලය යනු එක් අතකින් අප කාලය අපතේ යැවීමක් වන අතර අනෙක් පසින් බහුජාතික සමාගමක් පෝෂණය කිරීමට උඩගෙඩි දීමකි. මෙම බහුජාතික සමාගම් තමන්ගේ සමාජ ජාල හරහා වෙළඳ දැන්වීම් ප‍්‍රචාරණය කරමින් ආදායම් උපයන අතර ඊට හොඳම උදාහරණයක් ලෙස අප Facebook වෙත එක් වරක් ගොඩ වැදීමේදී ඩොලර් කිහිපයක් මාක් සකර්බර්ග් වෙත ඇදීයාම පෙන්වා දිය හැකිය.
නමුත් අපට තාක්ෂණය අත්‍යාවශ්‍යය. එයට විවාදයක් තිබිය නොහැකිය. සිදුවිය යුත්තේ තාක්ෂණය නිසි පරිදි අපගේ සමාජ ක‍්‍රියා වෙනුවෙන් භාවිතා කිරීමයි. පසුගිය කාලයේ අප අත්දකින ලද එක් දෙයක් වූයේ ජනවාරි 8 එ්කාධිපති පාලනය බිද දැමීම සදහා සමාජ ජාල වලින් සිදු වූ අනුපමේය සේවයයි. රටේ අති බහුතරයක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇස් කන් නොමැති සේ කාලය ගෙවන විට එයට ප‍්‍රතිවිරුද්ධ ව කටයුතු කිරීමට සමාජයේ අති බහුතරයක් මිනිසුන් සමාජයේ දිග හැරෙන්නට විය. අද වන විට එසේ සිදුවෙමින් ඇත. අවසාන වශයෙන් පැහැදිලි කරගත යුත්තේ මෙම කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමට හා සමාජ ජාල සමාජ ප‍්‍රගමනය වෙනුවෙන් යොදා ගැනීමට අප කටයුතු කළ යුතු කාලය දැන් පැමිණ ඇති බවයි.
එහිදී මෙම සමාජ මාධ්‍ය වල වාසි හා අවාසි පිළිබඳ සාකච්ඡා කිරීම ඉතා වැදගත් වේ.
සමාජ මාධ්‍ය වල වාසි
01. අධ්‍යාපන ක‍්‍රියාවලිය
අධ්‍යාපන ක‍්‍රියාවලිය තුල මාර්ගගත සමාජ ජාල භාවිතා කිරීම අධ්‍යාපන තාක්ෂණ පර්යේෂකයන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගත හැකි අතර ඔවුන් තාක්ෂණයන්හි ප‍්‍රතිලාභ ලබාගෙන තිබේ. සමාජ ජාල වෙබ් අඩවි ඉහල යාම සහ සිසුන් කෙරෙහි ඇති පොදු උනන්දුවක් දුරස්ථ අධ්‍යාපනය සංවර්ධනය කිරීම සදහා අන්තර්ජාල මෙවලම් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
02. ලෝක ව්‍යාප්ත සම්බන්ධතාවය
අන් අය සමඟ සම්බන්ධ වීමට සහ සමාජ මාධ්‍ය හරහා තොරතුරු හුවමාරු කර ගැනීමට අපට අවස්ථාව තිබේ. එය අප සියල්ලන්ම එකට ගෙන සන්නිවේදනය වන අතර එය පහසුවෙනු ප‍්‍රවේශ විය හැකිය.
03. මාර්ගගත අලෙවිකරණය
ගනුදෙනුකරුවන් සමඟ සේවාවන් භාවිතා කිරීමේදී ගනුදෙනුකරුවන් සමඟ ව්‍යාපාර සිදු කිරීමේදී සමාජ මාධ්‍ය උපකාරි වේ.
04 තොරතුරු වේගයෙන් ව්‍යාප්ත වේ.
ප‍්‍රධාන ප‍්‍රවෘත්ති සිදුවීම්, අතුරුදහන් වූ පුද්ගලයින්, කාලගුණ තොරතුරු යනාදී සියලූ වැදගත් දේ මොහොතකින් ලෝකය තුළ අනාවරණය කළ හැකිය.
05. අපට අන් අය සමඟ ඕනෑම දෙයක් බෙදා ගැනීමට ඉඩදෙයි.
ප‍්‍රකාශන සමාගමකට ඒත්තු ගැන්වීම් වෙනුවට සමාජ මාධ්‍ය මගින් මිලියනයක ජනතාවක් තෘප්තිමත් කිරීමට ඉඩ සලසයි.
06. සමාජ දැනුවත්භාවය ලබා ගැනීම.
සමාජයේ සිදුවන ඕනෑම සිදුවීමක්, සමාජ තොරතුරක් වේගයෙන් ජනතාවට දැනුවත් වීම සමාජ මාධ්‍ය තුලින් ලැබෙන විශේෂ වාසියක් ලෙස දැක්විය හැකිය.
07. තාක්ෂණික දැනුම සහ නිර්මාණශිලිත්වය එළිදැක්වීම.
සමාජ මාධ්‍ය තුළින් පුද්ගලයා තම සිය නිර්මාණශිලිත්වය ප‍්‍රදර්ශනය කරන අතර එමගින් තම හැකියාවන් ප‍්‍රදර්ශනය කරගත හැකිය. නව තාක්ෂණික මානයක් ඔස්සේ තම නිර්මාණ එළිදැක්වීමට මෙමගින් හැකියාව උදාවේ.
08. හුදෙකලා බවින් තොරවීම
සමාජ මාධ්‍ය හරහා සාමාන්‍ය ජීවිතයේ බොහෝ දෙනා පිරිසක් සමඟ ජාල ගත වීම් දක්නට ලැබේ. එහිදී ඔවුනොවුන්ගේ පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමට, එදිනෙදා සිදුවීම් තම මිතුරු මිතුරියන් සමඟ හුවමාරු කර ගැනීමට යොමුවේ. එමනිසා හුදෙකලා බවින් තොරව කටයුතු කිරීමට පුද්ගලයන්ට හැකිවේ.
උදා :- ෆේස්බුක්
09. සමාජ ප‍්‍රශ්න හමුවේ පුද්ගලයන්ට ඇහුම්කන් දීමට හැකි වීම.
සමාජ මාධ්‍ය භාවිතා කිරිමේදී මානුෂීය සබදතා දුරස්ථ වීමත් සමඟ පුද්ගලයින් එකිනෙකාගේ බැදීම් දුරස්ථ වේ. එහිදී ඇති කරගන්නා කෘත‍්‍රීම සබදතා තුළින් වර්තමානය වනවිට සමාජ ප‍්‍රශ්න රාශියක් පැනනැගී තිබේ. එවැනි තත්ත්වයන් වලදී තවත් කෙනෙකු සමඟ තම ප‍්‍රශ්නය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම තුළ පුද්ගලයන් නැවත නිවැරදි මාර්ගයකට යොමු කරවා ගැනීමට හැකියාව මෙමගින් උදාවේ.
උදා :- දික්කසාද, සියදිවි නසා ගැනීම්
10. ස්වභාවික ආපදා අවස්ථා වලදී ප‍්‍රයෝජනවත් වීම.
සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී ලෝකයේ කුමන ස්ථානයක වුවද සිදුවන ආපදාවන් පිළිබඳව ජනතාවට දැනුවත් වීමට හැකියාව උදාවේ. එහිදී එකිනෙකාට උදව් කිරීම, අවශ්‍ය සහන සේවා සැපයීම, පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වලට යොමු කිරීමට මෙන්ම ආහාර පාන, ඇදුම් පැළදුම් ඇතුලු අනෙකුත් සේවා සැපයීම සදහා සංවිධාන ගත වීම සිදු කළ හැකිය.
11. නව රැකියා ලබා ගැනීමට උපකාරි වීම.
නව රැකියා ලබා ගැනීමට මෙන්ම රැකියා පුරප්පාඩු දැන ගැනීමට, රැකියා අවස්ථා සදහා දැන්වීම් ප‍්‍රචාරණය සදහා සමාජ මාධ්‍ය යොදා ගැනීම වර්තමානයේ පවතින ප‍්‍රවණතාවයකි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා සදහා අයදුම් කළ හැකිය.
12. විවිධ සේවාවන් ලබා ගැනීමට හැකිවීම.
විවිධ සේවා කටයුතු පහසුවෙන් හා ඉක්මනින් සිදු කර ගැනීමට සමාජය මාධ්‍ය තුළින් හැකියාව ලැබී තිබේ. එනම් වෛද්‍ය කටයුතු, අධ්‍යාපන කටයුතු, විනෝදාත්මක කටයුතු, ආහාර පාලනය, ව්‍යායාම, ජ්‍යෝතිෂ්‍ය කටයුතු ආදී වශයෙන් දැක්විය හැකිය.
සමාජ මාධ්‍ය වල අවාසි
01. පෞද්ගලිකත්වයට ගැටලු ඇතිවීම
පුද්ගලයන් විසින් සමාජ මාධ්‍යයට මුදාහරින තොරතුරු ඕනෑවට වඩා මහජනයා සමඟ බෙදා ගැනීම නිසා පෞද්ගලික ජීවිතයට හානි සිදුවිය හැකිය. තම පෞද්ගලික තොරතුරු විශ්වාසයෙන් තොර පුද්ගලයන් සමඟ බෙදා ගැනීම තුළින් හානි සිදුවිය හැකිය. එසේම රැකියාවෙහි කරදරයට පත්වීම්ද ඇති වේ.
02. පවුලේ සමීපතාවය අඩු කිරීම
Facebook,Twitter,Whatsapp,Imo යනාදිය අප සිතනවාට වඩා අපගේ පවුල් වලින් අපව වෙන් කරනු ලැබේ. පවුලකදී සාමාජිකයන් එකට කාලය ගත කරනවාට වඩා එනම් සියල්ලන්ම එකට හිද චිත‍්‍රපටියක් නරඹන විට යථාර්ථයේදී බොහෝ දරුවන් සිටින්නේ දෙමව්පියන් සමඟ චිත‍්‍රපටය නැරඹීමට වඩා ඔවුන්ගේ දුරකථන වලය. එමනිසා සියලු බැදීම් මෙම සමාජ මාධ්‍ය තුළින් අවම කරනු ලැබේ.
03. ජීවන රටා පුරුදු වෙනස් කරන අතර නින්දට බාධා කිරීම.
සමාජ මාධ්‍යයන් භාවිතා කිරීම සමහර පරිගණක වලින් හෝ ජංගම උපාංග වලින් සිදු කරනු ලැබේ. එහිදී සමහර විට එය එක තැනක වැඩිපුර වාඩි වී සිටීමට පෙළඹවිය හැකිය. රාත‍්‍රියේදී පරිගණකයකින් හෝ දුරකථන තිරයකින් ආලෝකයට පිවිසීම නිසි රාත‍්‍රී නින්දක් ලබා ගැනීමේ හැකියාව කෙරෙහි ඍණාත්මක ලෙස බලපානු ලැබේ.
04. චිත්තවේගීය සම්බන්ධතාවයක් නොමැති වීම.
සමාජ මාධ්‍ය භාවිතා කරන විට සංවාදයක ගුණාත්මකභාවය අපැහැදිලි වන්නේ ඔබට අනෙක් පුද්ගලයාගෙන් හැගීම් හෝ උනන්දුව දැනිය නොහැකි බැවිනි. ඔවුන් පවසන දේ, ඔවුන් අදහස් කරන්නේ කුමක්දැයි පුද්ගලයා පුදුමයට පත් වේ.
05. සෞඛ්‍යය ගැටලූ
සමාජ මාධ්‍යවල අතිරික්ත භාවිතය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානු ලැබේ. සමාජ ජාල වෙබ් අඩවි අධික ලෙස භාවිතා කිරීම නිසා බොහෝ දෙනාට ඇස් ආශ‍්‍රිත රෝග, කොන්ද අමාරුව වැනි රෝග වලට ලක්වේ. සමාජ මාධ්‍යවල නිරන්තරව සැරිසරන්නන් විවිධ මානසික රෝග වලටද ලක්වේ.
උදා:- ෆේස්බුක් විෂාදිය (Facebook Depression)
06. සයිබර් අවකාශ ගත තර්ජන හෝ හිරිහැර (Cyberbullying) ඇතිවීම
සමාජ මාධ්‍ය මගින් සිදුවන තවත් අහිතකර බලපෑමක් ලෙස පෙන්වා දිය හැකිය. මෙහි භයානක තත්වය වන්නේ සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය යොදා ගනිමින් වෙනත් තැනැත්තෙකුට තර්ජන කිරීම හෝ හිරිහැර කිරීමයි. මෙහිදී පුද්ගලයා අධික ලෙස මානසික සීමාවන්ට ලක් වේ.
07. මහා පරිමාණ දැන්වීම් වලට අසුවීම (Propaganda)
සමාජ මාධ්‍ය ඔස්සේ නිරූපණය වන විවිධ මහා පරිමාණ දැන්වීම් වලට පුද්ගලයන් විශාල වශයෙන් හසුවේ. මෙහිදී වංචනික ලෙස විශ්වාසය ගොඩනගා ගන්නා අතර මුදල් හෝ වෙනත් දේ ලබා ගැනීමෙන් පසුව තම තොරතුරු රහසිගතවම ඉවත් කරනු ලැබේ. එහිදී පුද්ගලයින් මෙවැනි ක‍්‍රියාවලට අසුවීම වර්තමානයේ සුලබව දක්නට ලැබෙන ගැටලූවක්
08. ආචාරධර්ම පිළිබඳ ප‍්‍රශ්න
වර්තමානය වන විට විශාල වශයෙන් ඇති වී තිබෙන ගැටලූවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. සමාජ මාධ්‍ය තුල අප රටට ආවේණික ආචාරධර්ම මෙන්ම ලෝකයේ වෙනත් රටවල ආචාර ධර්ම, සංස්කෘතික තොරතුරු මුදා හැර තිබේ. එහිදී වෙනත් රටවල ආචාර ධර්ම වලට අප රටේ පුද්ගලයන් අනුගත වීම නිසා පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරු වී තිබේ.
උදා :- ඇදුම් පැළදුම්
කාන්තාවන් මත්පැන් පානයට ඇබ්බැහි වීම
09. අන්තර්ජාලය හැක් කිරීම. (Hackers)
අන්තර්ජාලය හැක් කිරීම තුළින් පෞද්ගලිකත්වයට හානි සිදුවේ. වෙනත් පුද්ගලයෙකු තමන්ගේ ගිණුම් තුළට ඇතුලූ වීම තුළින් විවිධ අපරාධකාරී තත්ත්වයන් සිදු කිරීමටද වුවද පෙළඹිය හැකිය. එහිදී එයට වගකීමට ගිණුම් හිමියාට සිදුවන අතර නීතිය හමුවේ පෙනී සිටීමට පවා සිදු වේ.
ආදී වශයෙන් සමාජ මාධ්‍යයේ ඇති වාසි සහ අවාසි විවරණාත්මකව දැක්විය හැකිය. මෙහිදී අවධානයට ලක් කලයුතු තවත් කරුණු වන්නේ කායික හා මානසික බලපෑම, සමාජ බලපෑම, ආර්ථික බලපෑම, දේශපාලනික බලපෑම් ආදී වශයෙන්ය. එම බලපෑම් පිළිබඳ මෙතැන් පටන් විමසුමට ලක්කරනු ලැබේ.
සමාජ බලපෑම
සමාජ බලපෑම අතරින් ප‍්‍රමුඛ වන්නේ පවුල් ඒකකය තුළ හුදෙකලා වීම, පවුල් සංස්ථා බිද වැටීම, ගැයුම් නිර්මාණය වීම ආදියයි. මෙහිදී ආගමික, සංස්කෘතික, වාර්ගික ගැයුම් ඇතිවීම්ද දක්නට ලැබේ.
උදා:- ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිය අතර ඇති වූ ගැටලූව (පාස්කු ප‍්‍රහාරයෙන් පසු)
විවිධ සමාජ අපරාධ මෙම සමාජ මාධ්‍ය තුලින් සිදුවේ. එහිදී කාන්තා අපයෝජන, පාසල් ළමුන් අපයෝජනය ආදිය පෙන්වා දිය හැකිය. එසේම ලිංගික සූරා කෑම, පෞද්ගලිකත්වයට හානි සිදු කිරීමද පෙන්වා දිය හැකිය.
දේශපාලනික බලපෑම
සමාජ මාධ්‍යයක් ගත් විට දේශපාලනික තොරතුරු විශාල වශයෙන් හුවමාරු වේ. මේ අතර අසත්‍ය තොරතුරු විශාල ප‍්‍රමාණයක් තිබේ. විශේෂයෙන්ම දේශපාලන ව්‍යාපාර, දේශපාලනඥයින්, මැතිවරණ, මැතිවරණ අපේක්ෂකයින් ආදියට හානි කිරීම සදහා සමාජ මාධ්‍ය උපයෝගී කරගනු ලැබේත එසේම ත‍්‍රස්තවාදී ක‍්‍රියා ඇති වීමටද මෙම දේශපාලනික බලපෑම් හේතු වී තිබේ. එසේම දේශපාලඥයන් ජනතාව තුළ නිර්මාණය කරගෙන තිබෙන ප‍්‍රතිරූප ද වෙනස්වීමකට ලක්වීමද පෙන්වා දිය හැකිය. එසේම ජනතාවට රට වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙකු තෝරා ගැනීම ද මෙමගින් හැකියාව ලැබී තිබේ.
ආර්ථික බලපෑම
සමාජ මාධ්‍ය මගින් ආර්ථිකයට විශාල බලපෑමක් සිදු කරනු ලැබේ. රටක පවතින ආර්ථික ඉහළ නංවා ගැනීමට මෙන්ම පහළ තත්ත්වයට පත් කිරීමටද මෙමගින් හැකියාව උදාවේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිට වෙළෙඳපොළ දක්වා ගමන් කිරීමේදී සිදුවන සියලූ ක‍්‍රියාවලීන් මෙමගින් දැනුවත් කරනු ලැබේ. සමාජ මාධ්‍ය මගින් ජනතාවට භාණ්ඩ පහසුවෙන් සහ වේගයෙන් තම නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව උදාවේ.
උදා:- ebay online shopping,AilExpress
එසේම සමහර ගණුදෙනු කරුවන් සමඟ ක‍්‍රියා කිරීමේදී ඔවුන් වංචනික ලෙස මුදල ලබා ගැනීම්ද සිදු කරනු ලැබේ. එහිදී පුද්ගලයාගේ ආර්ථික තත්ත්වය පහළට ගමන් කරනු ලැබේ. එසේම නිෂ්පාදන සමාගම් වල සේවකයින් සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වීම තුළින් ශ‍්‍රමය පහල මට්ටමකින් නිෂ්පාදන සමාගමට ලැබීමද දැක්විය හැකිය.
ආදී වශයෙන් ආර්ථික, දේශපාලන, සමාජීය බලපෑම සටහන් කල හැකිය. සෑම කෙනෙකුගේම ජීවිතේ සෑම දෙයකටම වාසි සහ අවාසි ඇති බවත්, එයට අපගේ සමාජ ජාල පුරුදු ඇතුළත් බවත් පැහැදිලිය. සමාජ මාධ්‍ය මගින් පරිශීලකයින්ට අන් අය සමඟ සම්බන්ධ වී ප‍්‍රජාවක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ. වගකීම් සහගත සමාජ මාධ්‍ය පරිහරණය උදෙසා සමාජ ජාල මාධ්‍ය භාවිතයේ යෙදෙන කේවල චරිත වල සිට සමාජ ජාල මාධ්‍ය භාවිතයේ යෙදෙන මහා පරිමාණ මාධ්‍ය සමාගම් දක්වා වන මාධ්‍ය ජාල සමාජයේ යහපත උදෙසා යොදාගත හැකි වීම මේ තත්ත්වය හමුවේ අප ඉදිරියේ ඇති හොදම විකල්පයයි. වගකීම් සාර්ථකව ඉටු කර ගැනීම සදහා වන සමාජ, දේශපාලන, සංස්කෘතික, ආගමික, තාක්ෂණික මෙන්ම රටට ආවේණික වූ අභියෝග හදුනා ගැනීමටත්, සමාජ මාධ්‍ය භාවිතය වෙනුවෙන් වන අන්තර්ජාල සාක්ෂරතාව දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වේ. ඒ තුළින් සමාජ මාධ්‍ය මගින් සිදුවන අයහපත් සිදුවීම් තුරන් කර ඵලදායී තොරතුරු රැස් කර ගැනීමේ මහඟු තෝතැන්නක් වන බව නොවනුමානය.
මූලාශ‍්‍ර ග‍්‍රන්ථ
# කුමාරපේලි තිස්ස ,(2014).මාධ්‍ය හා සමාජ භාවිතය,සරසවි ප්‍රකාශකයෝ.
# සුරවීර නයනා ,(2016).සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය ,කොළඹ 10,ගොඩගේ සහෝදරයෝ.
# www.slpi.lk